මෙරට වන වැස්ම හෙක්ටයාර් ලක්ෂයකින් වැඩි කිරීම සඳහා පැළ මිලියන 50 ක් සිටුවීමේ වැඩසටහනක් ආරම්භකරන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම් උදය සෙනවිරත්න මහතා ප්‍රකාශකළේය.
අද (04දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලේකම්වරයා මේබව කීය.
මේඅනුව ඉදිරි වසරේදී සෑම ගම්මානයකම සහ සෑම ආයතනයකම පැළ තවාන් ආරම්භකිරීමට කටයුතු කළ යුතු බවත්, ඒවෙනුවෙන් ප්‍රජාව උනන්දු කළ යුතු බවත් සෙනවිරත්න මහතා පැවසීය.
එලෙස ලබාගන්නා පැළ වනවැස්ම අවම වී ඇති ස්ථානවල සිටුවීමට කටයුතු කරන අතර, විශේෂයෙන් කදු ආශ්‍රිතව සහ වෙරළ ආශ්‍රිතව මෙම පැළ සිටුවීමට බලාපොරොත්තුවන බවද උදය සෙනවිරත්න මහතා ප්‍රකාශකළේය.