පැරෂුට් සෙබළිය අධිබලැති විදුලි රැහැනක ගැටෙයි
අඩි පහළොස්දහසක් පමණ උසක සිට පැරෂුට් ආධාරයෙන් ඇඹිලිපිටිය චන්ද්රිකා වැව ඉස්මත්තේ පිහිටි යුද හමුදාවේ ඉංජිනේරු පුහුණු පාසලට බැසීමේදී ලාන්ස් කෝප්රල්වරියක අධිබලැති විදුලි රැහැන් පද්ධතිය ගැටීමෙන් සහ කපිතාන්වරයෙකු බිමට පැනීමේදී බරපතළ තුවාල ලබා ඊයේ (30දා) පෙරවරුවේ ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඌව කුඩාඔය කඳවුරේ හතරවැනි කමාන්ඩෝ බළකායේ කපිතාන් එච්.එන්.එස්.එස්. විජේසූරිය සහ හත්වැනි බළකායේ ලාන්ස් කෝප්රල් ඒ.වී.එන්. ගුණතිලක සෙබළියයි.
ගුවනේ සිට පැරෂුට් ආධාරයෙන් 14 දෙනෙකු යුද හමුදා කඳවුරු බිමට පාවී එනු දුටු බව ප්රදේශවාසීහු පැවසූහ. මේ පිරිස අතරින් දොළොස් දෙනෙකුට නියමිත ඉලක්කයට පතිත වීමට හැකිව තිබේ.
ලාන්ස් කෝප්රල්වරියගේ පැරිෂුටය අධිබලැති විදුලි රැහැන්වල පැටලී ඇති අතර, ඇගේ දෙපාවලවළලුකරට පහළ සහ දෑත්වල මැණික් කටුවට පහළ ප්රදේශ දැඩි ලෙස පිළිස්සීමට ලක්ව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
අජිත ලාල් ශාන්ත උදය හා කොලොන්න නානායක්කාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
