සෙනසුරාදා රාත්‍රී 12න් අවසන් වූ පැය 24ක කාලය තුළදී සමස්ත අධිවේගී මාර්ග හරහා වාහන එක්ලක්ෂ පන්දහසක් ගමන්කර තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂක එක් ඕපනායක මහතා සඳහන් කළේය.
එම කාලය තුළදී රුපියල් මිලියන 30කට අධික ආදායමක් උපයාගෙන තිබෙන බවත්, සාමාන්‍යයෙන් දිනක වාහන ගමනාගමනය හැටදහසක්, හැටපන්දහසක් අතර අගයක් ගන්නා බවත් හෙතෙම පැවසීය. සාමාන්‍ය දිනක ආදායම රුපියල් මිලියන 20කට ආසන්න බවද කියා සිටියේය.
පසුගිය සිකුරාදා රාත්‍රී 12න් අවසන් වූ පැය 24ක කාලය තුළදී රථවාහන ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ධාවනය කර තිබෙන බවද ඕපනායක මහතා සඳහන් කළේය. කොළඹින් පිටතට ගමන් කළ වාහන සියල්ලම එකම කාල වේලාවක් තුළ කොළඹට ඇතුල් වීමට හැකියාව තිබෙන බැවින් අතිරේක ගෙවීම් කවුළු විවෘත කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.
මීට අමතරව ඇතුල් වීමේදී ලබාදෙන රිසිට්පත හා ඊට අදාළ මුදල ධාවනය කරන අවස්ථාවේදී සූදානම් කර පිටවීමේ කවුළු වෙත පැමිණෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේ වුවහොත් තත්පර 10ක් තුළ පිවිසුමෙන් පිටවිය හැකි බවද කියා සිටියේය.
අධිවේගී මාර්ගයේ වාහන නවතා තැබීමට වෙන්කර තිබෙනා ස්ථාන හැර වෙනත් කිසිදු ස්ථානයක වාහන නතර කිරීම තහනම් බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. එවැනි කටයුතු සිදුකිරීම ඉතා භයානක බවත්, වාර්තා වන රිය අනතුරු වලින් 8෴කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන්නේ නීතිවිරෝධී ස්ථානවල වාහන නතර කිරීම නිසා බවත් හෙතෙම පැවසීය.
ගෙවීම් කවුළු තුළ මාර්ග තදබද ඇතිවනවාද යන්න නිරතුරුවම ආරක්ෂක කැමරා මගින් නිරීක්ෂණය කරමින් අදාළ පහසුකම් සැලසුම සිදුකරන බවද ඕපනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.