තමාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසන් සභාව වෙත අද (06දා) ඉදිරිපත් වූ පැමිණිල්ල කඩිනම් කරන ලෙසත්, ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා ජනතාවට සත්‍ය හෙළිකරන ලෙසත් ඉල්ලමින් එම කොමිසමේ සභාපතිවරයාට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාන්ඩ් බදියුදීන් මහතා ලිපියක් යොමුකර තිබේ. තවද එම පරීක්ෂණ කටයුතු සඳහා තම පූර්ණ සහාය ලබාදෙන බැව්ද අමාත්‍යවරයා එම ලිපිය මගින් දැනුම් දී තිබේ.
අයථා ලෙස මුදල් එක්රැස් කළබව සදහන්කරමින් මන්නාරමේ පදිංචිකරුවෙක් විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.