පාසල්වල නඩත්තු බර සිසුන්ට පටවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ 2016 විගණකාධිපති වාර්තාවෙන් හෙළිව ඇතැයි ලංකා ගුරු සංගමය නිවේදනය කරයි.
2016 දෙසැම්බර් 31 දින වන විට ජාතික පාසල් 52ක පාසල් සංවර්ධන සමිතියෙන්, ක්‍රීඩා අරමුදලින් හෝ පහසුකම් හා සේවා ගාස්තු ගිණුමෙන් හෝ වැටුප් ගෙවමින් බඳවාගෙන තිබුණු අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව 307ක් බවත්, ඔවුන් වෙත 2016 වර්ෂය තුළදී පමණක් ගෙවා ඇති මුළු වැටුප් හා දීමනා රු.5,781,742/-ක් බවත් එම වාර්තාවෙන් හෙළිව තිබේ.
මෙම මුදල සම්පූර්ණයෙන්ම සිසුන් මත පැටවුණු වැය බරක් බව විගණකාධිපති වාර්තාවේ සඳහන් බවද ලංකා ගුරුසංගමය නිවේදනය කරයි.
අදාළ පාසලේ හෝ අවට පාසල්වල හෝ ප්‍රමාණවත් ශ්‍රවණාගාර හෝ ශාලා පහසුකම් තිබියදී ජාතික පාසල් 20ක විවිධ උත්සව සඳහා පෞද්ගලික ආයතන සතු ශ්‍රවණාගාර හෝ ශාලා පහසුකම් ලබාගැනීම සඳහා රු.7,279,029/- වැය කර ඇති බවද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.
5/2015 චක්‍රලේඛය මගින් පාසල්වල නඩත්තු වියදම් සිසුන්ගෙන් අය කිරීමට අවස්ථාව සැලසීමත් සමග මෙලෙස අතිවිශාල ලෙස සිසුන්ගෙන් මුදල් අය කිරීමත්, ඒවා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා වියදම් කෙරෙන බවත් විගණකාධිපතිවරයාගේ වාර්තාව තුළින් මනාව පැහැදිලි වන බව එම සංගමය වැඩිදුරටත් පවසයි.