යම් පාලකයෙකු සිදුකළ හොරකමක් සම්බන්ධව එම පාලකයාගේ කාලයේදී හෙළිදරව් කිරීමේ අවස්ථාවක් මෙතෙක් සිදුව නැති බව ප්රජාතන්ත්රවාදි වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (08දා) පැවසීය.
එම පාලකයාගේ බලය ඉවත්වී වෙනත් පාලක කණ්ඩායමක් බලයට පැමිණි අවස්ථාවලදී පමණක් එවැනි සොයාබැලීම් සිදුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රටේ පාලකයා හවුල්වී සිදුකළ අපරාධයක් ගැන පරීක්ෂණයක් පවත්වා හෙළිදරව් කර, වැරැදිකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට කිසිම පාලකයෙකු උත්සාහ නොකරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
සමාජවාදී ජනතා පෙරමුණ විසින් බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රෙය් පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් නානායක්කාර මහතා මේ බව පවසා සිටියේය.