වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය සකසාගැනීම දුෂ්කර වී තිබෙන බැවින් ජල මූලාශවලට අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කිරීමෙන් වළකින ලෙස ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටියි.
කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා යන ගංගාවල ජලය අඩුවී තිබෙන බවත්, මෙහිදි කළු ගඟට ලවණ ජලය මිශ්‍ර වී තිබෙන බවත් ජල සම්පත් හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිමල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මීට අමතරව කර්මාන්ත ශාලා හා ජනතාව ජල මූලාශවලට අපද්‍රව්‍ය මුදාහැරීම සිදුවන බවත්, එම කටයුතුවලින් වැළකී සිටින ලෙසත් හෙතෙම ඉල්ලා සිටියි.
එච්.අයි තුෂාර/ චාමර සම්පත්