පාදුක්ක නගරයේ පාසලකට බලෙන් ඇතුළු වී කළහකාරී ලෙස හැසිරුණු බව කියන පානදුර ප්රධාන පෙළේ පාසලක සිසුන් 30ක් හා ආදි සිසුන් 20ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඊයේ (3දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. පාදුක්ක පාසලේ සිසුන් ක්රීඩා පුහුණුවීම් සිදුකරන අවස්ථාවේ මෙම සිදුවීම සිදුව තිබේ.
අත්අඩංගුවට ගත් සිසුන් පිරිසට අමතරව ඩිෆෙන්ඩර් රථයක් හා ඩිමෝ වර්ගයේ ලොරි රථයක්ද වෙයි.