පාතාල ලෝකය අනුකම්පා විරහිතව මර්දනය කළයුතු බවත් එමෙන්ම එය නැවත බිහිවීමට ඇති කාරණාද නැතිකළ යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 'අද' ට පැවසීය.
මත්ද්‍රව්‍ය, කසිප්පු වැනිදෑ මූලික කරගනිමින්අතීතයේ පාතාල සිදුවීම් ඇති වුවද මේවනවිට එය කළුගල්, පස්, වැලි ආදිය වෙනුන්ද වර්ධනය වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
දිවුලපිටිය පස් ජාවාරම හේතුවෙන් මේවනවිට පුද්ගලයන් 48 ක් ඝාතනයවී ඇති අතර කඩුවෙල කළුගල් ජාවාරම හේතුවෙන් පුද්ගලයන් 100 ක් පමණ ඝාතනයවී ඇති බවද පැවසූ අමාත්‍යවරයා මෙවැනි දෑ සිදුවීමට තවත් ඉඩදිය නොහැකි බවද පැවසීය.
පාතාල ලෝකයේ විවිධ පුද්ගලයන් ජාවාරම්වලින් උපයාගත් කලු සල්ලි සුදු කිරීමට විවිධ ආයෝජන සඳහා යොමුකර ඇති අතර පාතාලය මර්දනය කිරීම වහාම කළ යුතු බවද චම්පික අමාත්‍යවරයා කීවේය.
රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක වූයේ එක් පාර්ශ්වයකට අදාළ පාතාලයක් පමණත් බවත් මේ වනවිට විවිධාකාරයේ පාතාල කණ්ඩායම් බිහිවී ඇති බවත් අමාත්‍යරවයා පැවසීය.
පාතාලය වර්ධනය වීම තුළ සමාජ ආරක්ෂණය, ජාතික ආරක්ෂාවට මෙන්ම ආණ්ඩුවේ ප්‍රතිරූපයටද හානිවී ඇති බැවින් එය මර්දනය කිරීම වහ වහා කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.