පාකිස්තාන තලේබාන් ප්‍රධානී ඩ්‍රෝන ප්‍රහාරයකින් මරු දකී?
පාකිස්තාන තලේබාන් නායක මුල්ලා ෆසුල්ලාහ් ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේදී ජීවිතක්ෂයට පත්වූ බව තහවුරු නොකළ වාර්තා පවසයි.
2012 වසරේදී මලාලා යූසූෆ්සායි වෙත වෙඩි පහාරයක් එල්ල කළේද ෆසුල්ලාහ්ගේ ගෝලයන් බව කියැවෙයි.
එමෙන්ම, 2014 වසරේදී පාකිස්තානයේ පේෂාවර් නුවර පාසල් සිසුන් 130ක් සමූල ඝාතනය කළ ප්‍රහාරයේ ප්‍රධාන වගකිව යුත්තා ලෙසද මොහු සැලකෙයි.
2013 වසරේදී පාකිස්තානයේ තලේබාන් නායකය බවට පත්වූ මොහු, ඇෆ්ගනිස්ථානයේ සිට සිය මෙහෙයුම් පාකිස්තානය තුළ දියත් කරයි.
මොහු ඉලක්ක කරමින් එල්ල කරන ලද ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරය ඇෆ්ගන් ආරක්ෂක අංශවල සහාය ඇතිව එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් බවද කියැවෙයි.
කෙසේ වෙතත් ඇමෙරිකානු ආරක්ෂක අංශ තහවුරු කරන්නේ ඔවුන් ඇෆ්ගනිස්තානයේ ජ්‍යෙෂ්ඨ තලේබාන් සටන්කාමියෙකු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බව පමණි. එය පාකිස්තාන දේශසීමාවේ වූ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හඳුනාගත් ඉලක්කයක් බවද ඇමෙරිකාව කියයි.
මෙහිදී ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසා තිබුණේ ෆසුල්ලාහ් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය දියත් වූ බවයි. එමෙන්ම, මෙම ප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවද ඔහු අවධාරණය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



