ශ්‍රී ලංකාවේ පාකිස්තානු ආරක්ෂක උපදේශක කර්නල් මුහමද් රාජීල් ඉර්ෂාඩ් ඛාන් මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාව ආරක්ෂක අමාත්‍යාංශයේදී මුණගැසිණි.
මෙහිදී දෙරටට වැදගත්වන ද්විපාර්ශ්වික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර දෙරටේ සුහදතාව වර්ධනය කරගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය. මෙහිදී අමාත්‍යවරයා සහ උපදේශකවරයා අතර සමරු තිළිණ ප්රදානයක්ද සිදුකෙරිණි.