පාකිස්තානයේ ලාහෝර් නුවර කිතුනු දේවස්ථාන දෙකක් ඉලක්ක කරමින් එලල් වූ බෝම්බ ප්රහාර දෙකකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ලාහෝරයේ, යුහානාබාද් ප්රදේශයේ ඇති මෙම දේවස්ථානවල ඉරිදා දින දේව මෙහෙයන් පැවැත්වෙන අතර තුර එල්ල වූ මෙම ප්රහාරයන්ගෙන් තවත් 70කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
මෙම ප්රදේශය පාකිස්තානයේ වැඩිම කිතුනු ජන ඝනත්වය වෙසෙන ප්රදේශය ලෙස සැලකෙන අතර, ප්රහාරයෙන් පසුව දැවැන්ත විරෝධතාවක් එකී ජනතාව තුළින් පැන නැගී තිබේ.
මේ අතර, මෙම ප්රහාරයේ වගකීම භාරගනිමින් පාකිස්තාන තලේබාන් සංවිධානය ලෙස සැලකෙන ජමාතල් ආහ්රා සන්නද්ධ සංවිධානය විසින් එය තමන් විසින් එල්ල කළේ යැයි නිවේදනය කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.