වරායේ හිටපු සභාපති ප්‍රියාත් බන්ධු මහතා විසින් පසුගිය ආණ්ඩු කාලයේදී අයථා ආකාරයට මුදල් උපයාගෙන තිබෙන බවට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව අද (11දා) දින ඒ මහතාගේ බිරිඳගෙන් පැය 07 ක කාලයක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්නකර මුදාහැර තිබේ.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් මහතාට එරෙහිවත් මෙවැනි පැමිණිල්ලක් සිදුකර තිබෙන නිසා ඒ මහතාගේ බිරිඳගෙන් අද උදේ 9.30 සිට මේ වනවිටත් (ප.ව 5.30) ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.