පුත්තලම පාලවිය වීර කොබ්බෑකඩුව විහාරස්ථානයට යාබදව ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිත් ඉඩමක බලහත්කාරයෙන් ආරක්ෂිත වැටක් ඉදිකිරීම පිළිබඳව ආවරණය කටයුතු සඳහා ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී හිරාන් ජයසිංහ මහතාට අද (23දා) එම ස්ථානයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ආවරණය කටයුතු කරමින් සිටියදී එම ඉඩමේ සේවය කරමින් සිටි අයෙකු පැමිණ පරුෂ වචනයෙන් බැණවැදී පහර දුන් බව ඒ මහතා පැවසීය.
ප්‍රහාරයෙන් තුවාලලැබූ හිරාන් ජයසිංහ මහතා මේ වන විට පුත්තලම මූලික රෝහල් 07 වැනි වාට්ටුවෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පුත්තලම පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.