ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස 03 ක් ඇතුළත ඉදිරිපත් කළයුතු බව ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ අද (27දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනපතිවරය මෙම උපදෙස් දුන්නේය.
ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වැටුප් සහ දීමනා පිළිබඳ ගැටලුව මෙහිදී විශේෂ අවධානයට යොමු කෙරුණු අතර මාධ්‍යකරණයේදී ඔවුන් මුහුණ පා ඇති සෙසු ගැටලු පිළිබඳව ද අවධානය යොමු වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.