හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒළැඹෙන මහ මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම්කරන ලෙස බලකරමින් රත්නපුරයේ හෙට (26දා) පැවැත්වෙන රැළිය සඳහා තමන් සහභාගිවන බව බස්නාහිර පළාත් මහ ඇමති ප්රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම රැළිය සඳහා සහභාගීවීමට තමන් අද (25දා) අලුයම නැවතත් දිවයිනට පැමිණි බවත් ඔහු නකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මෙම රැළිය සඳහා තමන් තනියෙන් සහභාගී නොවන බවත්, බස්නාහිර පළාත් මන්ත්රීන් හා පළාත් පාලන මන්ත්රීන් රාශියක් රැගෙන යන බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.