හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ අගමැති අපෙක්ෂක ලෙස ගෙන ආ යුතු බව පවසන්නනන් අතරේ බස්නාහිර මහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද ඉදිරියෙන් සිටිනවා.
මේ අතර හෙට (06දා) මහනුවරදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන රැළියක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.
පක්ෂය ඒ සඳහා එක්විම තහනම් කළත් එයට එක්වීම සඳහා ප්‍රසන්න රණතුංග මහතාද සූදානමින් සිටියා.
එහෙත් ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ සංචාරයකට එක්ව තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් පාර්ශ්ව සඳහන් කරන්නේ මහනුවර රැළිය මග ඇරීම සඳහා ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට ගිය බවයි.
නුගේගෙඩ පැවැති රැළියටද ප්‍රසන්න රණතුංග මහතා එක්වුණා.
වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරන අමාත්‍යවරයා සඳහන් කරන්නේ විදේශ සංචාරය අවලංගු කළ නොහැකි නමුත් මහින්ද රාජපක්ෂ මහතා අගැමැති කරවීමේ සිය ස්ථාවරයේ වෙනසක් නැති බවයි.
ප්‍රසන්න රණතුංග මහතාගේ නිවේදනය
මගේ ස්ථාවරයේ වෙනසක් නැහැ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමේ මගේ ස්ථාවරයේ වෙනසක් නැත. කලින් දෙවතාවක්ම අවලංගුකල විදේශ සංචාරය යළි අවලංගු කල නොහැකි නිසා ඊයේ රාත්‍රී ඔස්ට්‍රේලියාවට පැමිණියෙමි. කුමන තහංචි දැම්මද මගේ සටන වෙනස් නොවන අතර ඉදිරියේ පැවැත්වෙන සියලු රැස්වීම සදහා සහභාගිවෙමි. පක්ෂයේ නියෝග මෙම ගමනට හේතු නොවූ බවද අවධාරණය කරමි. සංචාරය අවලංගු කරගැනීමට හැකිවුයේ නම් අනිවාර්යෙන්ම මම නුවර රැස්වීමට යමි.
මෙයට,හිතවත්
ප්‍රසන්න රණතුංග