ප්‍රවාහන අමාත්‍යාංශය සතුව පවතින දේපළ පෞද්ගලීකරණය කිරීම සඳහා කිසිවෙකු උත්සාහ ගන්නේ නම් හෝ ඒ සඳහා ප්‍රතිපත්තියක් ගෙන එන්නේ නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ වැටුප්, අර්ථසාධක, පරිතෝෂික ගෙවාගත නොහැකිව තිබෙන බැවින් පෞද්ගලීකරණයට පාර විවෘත වී තිබුණද, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වන තමා කිසිම දිනක රාජ්‍ය දේපළ විකිණීමට ඉඩ ලබා නොදෙන බවද හෙතෙම පැවසීය.
එමෙන්ම පෞද්ගලීකරණය තමාගේ ප්‍රතිපත්තිය නොවන බවත් දුම්රිය සේවකයන් පිරිසක් සමග දුම්රිය මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකදී හෙතෙම ප්‍රකාශ කළේය.
දුම්රිය රියදුරන්ගේ සහ ගාර්ඩ්වරුන්ගේ පුරප්පාඩු පිරවීමට ඇතැයි කී නිමල් සිරිපාල ද සිල්වා මහතා සේවක වැටුප්, අර්ථසාධක අරමුදල්, පාරිතෝෂික ගෙවාගත නොහැකිව ලංගමය බිලියන 12ක හිඟයකට මුහුණ දී ඇතැයි ද පෙන්වා දුන්නේය.
ඉදිරි වසර දෙකහමාර ඇතුළතදී දුම්රිය දෙපාර්තමේන්තුවේ කැපී පෙනෙන වෙනසක් ඇතිකිරීම සඳහා තෙල් ප්‍රවාහනයෙන් සහ අනවසරයෙන් අල්ලාගෙන ඇති ඉඩම් පවරා ගැනීමෙන් ආදායම් වැඩිකර ගැනීමට අවධානය යොමු වී ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.