කිතුල්ගල තානායම අසල තොටුපළේ සිට කැලණි ගඟ හරහා පරවලතැන්න ගම්මානය ඇතුළු ගම්මාන රැසක ජනතාවට ප්‍රවාහන පහසුකම් සපයන ඔරුවක් අද (03දා) උදෑසන 7.30ට පමණ ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.
ඔරුව පාලනය කරගත නොහැකිව මෙලෙස ගසාගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේදී පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු සහ මාස 06ක පමණ වන ළදරුවෙකුද ඔරුවේ ගමන්ගෙන ඇත.
ඔරුව ගසාගෙන ගොස් අසල ගල්පරයක රැඳී ඇති අතර, එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් මැදිහත්ව පිරිස නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.
යටියන්තොට ප්‍රාදේශීය සභාව මගින් මෙම වසරේදී (2018) නව ඉල්ලුම්කරුවෙකුට මෙම ඔරු තොටුපළ ටෙන්ඩරයක් මගින් බදු ලබාදී ඇති බවත්, එම පුද්ගලයාට තිබෙන අවම පළපුරුද්ද හේතුවෙන් මෙවැනි අනතුරක් සිදුවූ බවත් ප්‍රදේශවාසීහු පවසති.
වසන්ත රෝහණ