බස්රථ කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා වැරදි තීන්දු තීරණ ගන්නා බවත්, මේ නිසා බස් රථ රියදුරන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
අප්‍රේල් පළමු වැනිදා වනවිට සියලුම බස් රථ රියදුරන් ලංගමයට රුපියල් 1800ක් ගෙවා නව රියදුරු බලපත්‍රයක් ලබාගත යුතු බවට නීතියක් පනවා තිබෙන බවත්, මෙය දැඩි අසාධාරණ තීරණයක් බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
අප්‍රේල් පළමු වැනිදා සිට නව රියදුරු බලපත්‍ර නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙන බවත්, එදින සිට මෙම නීතිය ක්‍රියාත්මක කළහොත් පෞද්ගලික බස් රථ අප්‍රේල් පළමුවැනිදාසිට ධාවනයෙන් ඉවත් කරගන්නා බවත් පවසා සිටියේය.