www.ada.lk
2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා
ප්‍රවාහන ක්ෂෙත්රයේ මතුව ඇති අර්බුද විසඳීම සඳහා බලධාරීන්ට නැණනුවණ පහළවේවායි අධිෂ්ඨාන කරමින් ලංකාවේ ප්‍රවාහන සංගම් එකමුතුව කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදු පිළිමය ඉදිරිපිට අද (03දා) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
මෙම අවස්ථාවට සහභාගී වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, දුම්රිය, ලංගම සහ පෞද්ගලික බස් හිමියන්ගේ වෘත්තීය සමිති නියෝජනය කරන පිරිසක් සත්‍යග්‍රහයට එක්ව සිටින බවයි.
ජනවාරි 08 සිදුවූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සහ අගෝස්තු 17 සිදුවූ එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය සඳහා මෙම ප්‍රවාහන සංගම් සහාය ලබාදුන්නද තමන්ගේ ඉල්ලීම් පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධානීන් අවධානය යොමුකර නැතැයි ඔහු පැවසීය.
ප්‍රවාහන ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් පත්කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද විජේරත්න මහතා පවසා සිටියේය.
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd