මධ්‍යම පළාත් සභා යෞවන, ක්‍රීඩා හා වනිතා කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කළ ප්‍රමිත බණ්ඩරා තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත්වීමත් සමග හිස් වූ අමාත්‍ය ධුරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කොට තිබේ. දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ජනක බණ්ඩාර තෙන්නකෝන් (පියා) ඉවත් කිරීමට විරෝධය දක්වමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝ (පුතා) මධ්‍යම පළාත් සභා අමාත්‍යධුරයෙන් ඉවත්විය. තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ද වෙයි.