ශ්‍රී ලංකා ප්‍රමිති සහතික ලබා ඇති වානේ කම්බි කූරු පවා ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වෙමින් ඇතැයිපාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
මීට අමතරව සෑම වානේ කම්බි කූරු අලෙවි කරන ආයතනයක්ම අදාළ භාණ්ඩය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබාගත යුතු බවට නීතියක් පවතින බවත්, එහෙත් ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය නොමැති වානේ කම්බි කූරුද වෙළෙඳ පොළේ අලෙවි වන බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතාසඳහන් කළේය.
ඊයේ (19දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පිළිගත් නීතිරීතිවලට අනුව කම්බි කූරක දිග අඩි දහනවයක් විය යුතු බවයි.
එහෙත් සමහර සමාගම් නිෂ්පාදනය කරන කම්බි කූරක දිග අඩි 17 - 18 ත් වශයෙන් පවතින බවද ඔහු පවසා සිටියේය.
කම්බි මෙට්‍රික් ටොන් එකකට මිලිමීටර් 10 ප්‍රමාණයේ කම්බි කූරු 277 - 280 ත් අතර ප්‍රමාණයක් තිබිය යුතු බවත්, එහෙත් ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබාගෙන තිබෙන සමහර සමාගම්වල කම්බි මෙට්‍රික් ටොන් එකක මිලිමීටර් 10 කූරු 306 - 308ක් වැනි ප්‍රමාණවලින් හා 260 - 270 වැනි ප්රමාණවලින්ද තිබෙන බවත් ඔහු කියා සිටියේය.
විවිධ හේතූන් මත පසුගිය කාලයේදී විශාල ගොඩනැගිලි කඩාවැටීමට ලක්වූ බවත්, එහෙත් ඒවාට හේතු මෙතෙක් හෙළි කර නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
පවතින වානේ කම්බි ජාවාරම මේවාට හේතු විය හැකි බවද හෙතෙම පවසා සිටියේය.
ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබා තිබෙන ආයතන මගින් නිෂ්පාදනය කරන භාණ්ඩවල ප්‍රමිති තත්ත්වය සොයා බැලීම ප්‍රමිති ආයතනය සතු බවත්, පාරිභෝගිකයා සූරාකෑමට ලක්කරනවානම් ඒ පිළිබඳ සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම පාරිභෝගික අධිකාරිය සතු වගකීමක් බවත් රංජිත් විතානගේ මහතා පවසා සිටියේය.
එහෙත් ජාවාරම්කරුවන්ට අවස්ථාව ලබාදී එම ආයතන දෙකම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද හෙතෙම සඳහන් කළේය.