ප්‍රභූ පුතෙක් හිටියේ නෑ - සමාජ ශාලා කළමනාකරු
කොළඹ යුනියන් පෙදෙසේ රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් එහි කළමනාකරු කළ ප්‍රකාශයක් මේ වනවිට සමාජ ජාල හරහා පැතිර යයි.ඔහු පවසන්නේ සෙනසුරදා දිනයේදී ගැටුමක් ඇතිවූ නමුත් එයට ප්රභූවරයෙකුගේ පුතෙකු සම්බන්ධ බවට පැතිර යන වාර්තා අසත්‍ය බවයි.
සෙනසුරාදා අලුයම 2.00 ට පමණ පිරිසක් සමාජ ශාලාවට ඇතුළුවීමට උත්සාහ කළහ කාර්යබහුලත්වය හේතුවෙන් එම අවස්ථාවේ ඉඩ නොදුන් බවත්, ඔවුන්ට පසුව ඇතුළුවීමට ඉඩ දුන් බවත් ඔහු සඳහන් කරයි.කෙසේ වෙතත් ඔවුන් පිටතට යාමේදී මෙම පහරදීම සිදු කර ඇති බව ක්‍රිස්ටොපර් කර්න් නම් වූ කළමනාකරු පවසයි. සිද්ධියෙන් සිය සේවක මණ්ඩලයේ තිදෙනෙකු තුවාල ලබා ඇතැයිද ක්‍රිස්ටෝපර් මහතා කියා සිටියි.
සිද්ධිය වූ අවස්ථාවේ තමාද සේවයේ යෙදී සිටි බවත්, කිසිදු ආකාරයකින් ප්‍රභූ පුත්‍රයෙකු තමා නොදුටු බවත් පවසන ඔහු, සත්‍යය සත්‍ය ලෙස වාර්තා කරන ලෙසත්,අසත්‍ය වාර්තා කිරීම හේතුවෙන් තම ව්‍යාපාරික කටයුතු සඳහා ගැටලු ඇති වන බවත් වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
