ප්රභාකරන් මරන්න මහත්තයාට ආයුධ දීමට එජාපය සැලසුම් කළා
යුද්ධය පැවැති සමයේදී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් සහ ඔහුගේ දෙවැනියා වූ 'මහත්තයා' අතර ඇතිවූ මත ගැටුම ප්‍ර‘යෝජනයට ගනිමින් 'මහත්තයා' පාර්ශ්වයට අවිආයුධ සහ මුදල් ලබාදී ඔහු ලවා ප්රභාකරන් මරා දමා යුද්ධය අවසන් කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් සකස් කළ බව පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම උපක්‍රමය සාර්ථක වුවානම් ඊට පසු කාලයේදී කුරිරු යුද්ධයෙන් අහිමි වූ ජීවිත දස දහස් ගණනක් බේරාගැනීමට හැකියාව තිබුණු බවත්, යුද්ධයේදී අනුගමනය කරන සෑම උපක්රමයක්ම සාර්ථක නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
සූරියවැව, රන්මුදුවැව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
"ආණ්ඩුව පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂයට මඩගසමින් කිව්වේ එ.ජා.ප. ආණ්ඩුව කාලයේදී කොටින්ට මුදල් සහ අවි ආයුධ ලබාදුන් බවයි. යුද්ධයේ එක් තීරණාත්මක අවස්ථාවකදී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් සහ ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළ 'මහත්තයා' අතර බරපතළ මතභේදයක් හටගත්තා. 'මහත්තයා' පාර්ශ්වය ප්රභාකරන් විනාශ කරන්නට මාන බලමින් හිටියා. මේ අවස්ථාව ප්රෙයා්ජනයටගනිමින් එ.ජා.ප ආණ්ඩුව මහත්තයා පාර්ශ්වයට අවිආයුධ සහ යම් මුදල් ප්‍රමාණයක්ද ලබාදෙමින් ඔවුන් ලවා ප්රභාකරන් මරාදමා යුද්ධය අවසන් කිරීමට සැලසුම් කළා. " යනුවෙන් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

