සෑම වසරකම මැයි 18 වනදා දෙමළ ජාතියේ සංහාර දිනයක් වශයෙන් නම් කොට එදින ලෝක ශෝක දිනයක් ලෙස කටයුතු කළ යුතු යැයි උතුරු පළාත් සභාවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්දි ශෂිධරන් ඉල්ලා සිටියාය.
අමාත්‍යවරිය මෙලෙස ඉල්ලා ඇත්තේ පෙරේදා (10දා) පැවති 122 වැනි පළාත් සභා සැසි වාරයේදීය.
කෙසේ වෙතත් අමාත්‍ය වරියගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි පළාත් සභාවේදී සලකා බලන බවට සභාපති සී.වී.කේ සිවඥානම් දැනුම් දෙනු ලැබීය.
2009 වසරේ මැයි 18 වනදා ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන් මිය ගියේය.