ප්රභාකරන් දෙවියෙකු කර ඇතැයි ගෝඨාභය පවසයි
සමාජ මාධ්‍ය විසින් ප්රභාකරන් දෙවියෙකු කර ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13දා) පැවසීය.
ප්රභාකරන්ට විරුද්ධව කතාකරන කිසිවෙකු සමාජ මාධ්‍යවල නොමැති බව පැවසූ ඒ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු හමුදා නායකයන් සහ තමන් මිනීමරුවන්, හොරුන් කර තිබෙන බවත් පවසා සිටියේය.
සිංහල ජාතිය දෙකට බෙදී වාදකිරීම ගැන තමන් කනගාටු වන බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේය.
රණවිරුවන් යුද අපරාධ කළ බවට එල්ලවන චෝදනාවලට පිළිතුරු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීම සඳහා සකස් කළ රණවිරුවන්ගේ විත්ති වාචිකය එළිදැක්විමේ උත්සවයට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
රණවිරුවන් යුදසමයේදී මානුෂීය කටයුතුවල යෙදුණු ආකාරය සාක්ෂි සහිතව විස්තර කරමින් රණවිරුවන්ගේ විත්ති වාචිකය සකස් කර ඇත්තේ ජාතික සංවිධාන එකමුතුව ඇතුළුව විද්වත්කමිටුවක් විසිනි.
එහි එක් පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට නියමිත අතර, තවත් පිටපතක් රැගෙන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද (13දා) රාත්රියේදී ජිනිවා නුවර බලා පිටත්වීමට නියමිතය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
