මේ වසරේ ජාතික වෙසක් උත්සවය උත්කර්ෂවත්ව පැවැත්වීමට කැබිනට් අනුකාරක සභාවක් පත් කළ බව බුද්ධශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්රජාතන්ත්රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය.
ඓතිහාසික මහියංගණ පුදබිම කේන්ද්‍රකරගෙන ප්‍රධාන වෙසක් උත්සවය පත්වන බවත්, ඊට සමගාමීව රට පුරා වෙසක් උත්සව රාශියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පුණ්යග්රාම වැඩසටහන යටතේ බෞද්ධ විහාරස්ථාන 73කට මුදල් පරිත්‍යාග කිරීම වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී අද (24දා) පෙරවරුවේ පැවති උත්සවයකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.