ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 17ක් පිළිබඳව පරීක්ෂණයක්
විදේශගතව සිට ශ්‍රී ලංකාවට මහාපරිමාණ ලෙස මත්කුඩු ප්‍රවාහනය කිරීමේ නියැළී සිටින තවත් ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ආරක්ෂක බුද්ධි අංශ පියවර ගෙන තිබේ.
සමන්ත කුමාර හෙවත් 'වෙළේ සුදා' පිළිබඳව සිදුකරන පරීක්ෂණ වඩාත් විධිමත් කර මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ වූවන් හඳුනා ගැනීමත් ශ්‍රී ලංකාවට මහා පරිමාණව මත්ද්‍රව්‍ය ගෙන්වීමේ ජාලය අඩපණ කිරීමත් මෙම පරීක්ෂණයේ මූලික අරමුණ බව ආරක්ෂක බුද්ධි අංශ නිලධාරීහු සඳහන් කරති.
වෙලේ සුදාට අමතරව මේ වන විට තවත් ප්‍රධාන මහාපරිමාණ ජාවාරම්කරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගතයුතු පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇති බවත් ඔවුන් අතරින් 15 දෙනෙකුට වැඩි පිරිසකට ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු (රතු නිවේදන) නිකුත්කර ඇති බවත් ආරක්ෂක බුද්ධි අංශ පෙන්වා දෙයි.
වෙලේ සුදාට අමතරව ශ්‍රී ලංකාවට අත්අඩංගුවට ගැනීමට අත්‍යවශ්‍ය වන සෙසු ජාවාරම්කරුවන් අතර, මොහොමඩ් සිද්ධික්, සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලා ඇලේ ගුණා,තමිල්නාඩු වත්තේ තෙල්බාලා,සුනිල් ගාමිණී,සුජිත් නිශාන්ත පෙරේරා,ප්‍රසන්න ජානක,රත්ගම විදුර, බාලමුරලි, ජෝෂප් කැනියුට්, ප්‍රදීප් නදුන්, සිරිබාලන් පීරිස්,නිව් මාස් සුභාස්, ලාල් පීරිස් (කුඩු ලාල්) සුසන්ත මෙන්ඩිස්, කෙසෙල්වත්ත දිනුෂ, මීතොටමුල්ල ෆස්මි, ඇලෙක්සැන්ඩර් දිනහේවා, යන අය වෙති.
මෙම පුද්ගලයන් අතර සිටින කිඹුලා ඇලේ ගුණා හෙරොයින් කිලෝග්‍රෑම් 15 ක් ළඟතබා ගැනීමේ වරදට මේවන විට ඉන්දියාවේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටියි. මෙම මහාපරිමාණ ජාවාරම්කරුවන් සාමාන්‍යයෙන් මත්කුඩු කිලෝග්‍රෑම් 10 සිට 200 දක්වා ප්‍රමාණයන්ගෙන් ජාවාරමේ නිරත වූවන් වන බව ආරක්ෂක බුද්ධි අංශ සඳහන් කරයි. පසුගිය ජනවාරි 10 වැනිදා වෙලේ සුදා පාකිස්තානයේදී අත්අඩංගුවට පත් වූයේ ද හෙරොයින් කිලෝග්‍රෑම් 128ක ප්‍රමාණයක් 'ටයර්' වල අසුරා ටයර් කන්ටේනරයක් ලෙස ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කරමින් සිටි අවස්ථාවකදී පාකිස්තාන බුද්ධි අංශ විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක් නිසාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

