බැඳුම්කර පිළිබඳව පත්කළ ජනපති කොමිසමේ වාර්තාව හා බරපතල වංචා හා දූෂණ පිළිබඳව පත්කළ ජනපති කොමිසමේ වාර්තා තුළ ප්රධාන දේශපාලන පක්ෂ දෙකේම වගඋත්තරකරුවන් සිටින බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කරයි.
එසේම මෙම කොමිසන් සභා පත්කිරීමේදී කිසියම් දේශපාලක පක්ෂක් මුල්කරගෙන හෝ ඉලක්කරගෙන පත් නොකළ බවත් ජනපතිවරයා අද කළ විශේෂ ප්රකාශයේ වෙයි.
“තවත් යමක් මා අවසාන වශයෙන් කිවයුතුයි, මේ කොමිසන් සභා පත්කිරීම තුළ ඇතැම් දේශපාලන අංශවලින් මට එල්ල කරන ලද චෝදනා පිළිබඳවත්. කිසියම් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන මෙම කොමිසන් සභා මා විසින් පත් නොකළ අතර මම සඳහන්කළ කොමිසන් සභා දෙකේම පරීක්ෂණ කටයුතු , නිර්දේශ හා එම තොරතුරු මත ඉදිරියේදී කි්රයාකිරීමේදී නීතිමය කි්රයාමාර්ගවලදී හා නඩු පැවරීමේදී ප්රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම පුද්ගලයින් වගඋත්තරකරුවන් බවට පත්වී තිබෙන බව විශේෂයෙන් සඳහන්කළ යුතුයි.”