කලක් ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු බවට පත්ව සිටි බ්‍රසීල ව්‍යාපාරික එයික් බැටිස්ටා අත්අඩගුවට ගෙන නිවාස අඩස්සියේ තැබීමට බ්‍රසීල ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. මිට වසර පහකට පමණ පෙරාතුව රුපියල් බිලියන 5400ක පමණ වත්කමකට ඔහු හිමිකම් කීවේය. 2012 වසරේදී ඔහු ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතර 7 වැනි ස්ථානයේ පසුවිය.
කෙසේ වෙතත් සිය ව්‍යාපාර අධිරාජ්‍යය කඩාවැටීමෙන් පසුව බැටිස්ටාගේ වත්කම් ක්‍රමයෙන් හීන විය. අල්ලස් දීම, නීතිවිරෝධී අයුරින් මුදල් විදේශයන්හි තැන්පත් කිරීම ආදී චෝදනා කිහිපයක් බැටිස්ටාට එල්ල වී තිබේ. පසුගිය ජනවාරි මාසයේදී ඔහු අත්අඩංගුවට පත්විය. තමන්ට එරෙහිව ඇති චෝදනා බැටිස්ටා ප්‍රතික්ෂේප කරයි.