ප්‍රංශ IS ප්‍රහාරයේ මහ මොළකරු අල්ලයි
ප්‍රංශයේ පැරිස් නුවරට 2015 නොවැම්බර් මස එල්ල කෙරුණු IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සලාහ් අබ්දෙස්ලාම් අත්අඩංගුවට ගැනීමට බෙල්ජියමේ ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
එම ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ සලාහ් නමැති මෙම සැකකරු ඇතුළුව ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් බෙල්ජියමේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු අනුව ප්‍රංශ සහ බෙල්ජියානු ආරක්ෂක අංශ එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී, තමාද එම අවස්ථාවේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇඳ සිටි බවත්, පසුව ගත් තීරණයකට අනුව එය පුපුරුවා නොගත් බව පැරිස් නුවර නීතිපතිවරයා වෙත ඔහු සඳහන් කර ඇත.
මෙම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමේ ඡායාරූප කිහිපයක්ද පසුව මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
සලාහ් පවසන ආකාරයට ඔහු රැඳී සිට ඇත්තේ ප්‍රංශ ජනාධිපතිවරයාද සහභාගි වූ පාපන්දු තරගයක් පැවැත්වුණු පැරිස් නුවර ස්ටේඩ් ඩි ෆ්රාන්ස් ක්‍රීඩා පිටිය ආසන්නයේය. ඔහු සමග පැමිණි තවත් ත්රස්තවාදීන් දෙදෙනකු එහිදී සිය බෝම්බ පුපුරුවා ගත්තත් ඔහු සිය බෝම්බය පුපුරුවා ගෙන නැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

