ප්රංශ නාවික හමුදාවට අයත් ‘ඔවේන්’ නෞකාව අද (දෙසැම්බර් 03දා) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
සිව් දින නිල සංචාරයක් සඳහා නෞකාව කොළඹ වරායට පැමිණියේය.සංචාරයෙන් අනතුරුව ‘ඔවේන්’ නෞකාව එළඹෙන 06 වන දින කොළඹ වරායෙන් පිටත්වීමට නියමිතය.
දිගින් මීටර් 142 කින් සහ පළලින් මීටර් 20 කින් යුත් නෞකාව ටොන් 600 ක ධාරිතාවයකින් යුක්ත වේ. එහි නාවික පුද්ගලයින් 145 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.