පළාත් මන්ත්‍රී තක්සේරුව කෝටි 4 - හරීන් ප්‍රනාන්දු
පළාත් සභා මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවෙන් නොයවා තබා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව මේ වන විට පළාත් සභා මන්ත්‍රීවරයෙකුට රුපියල් කෝටි 3-4 තක්සේරුවක් ලබාදි තිබෙන බව ඌව පළාත් සභා විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
කොළඹදි පැවැති මාධ්‍ය සාකච්ඡාවකට අද (2දා) එක්වෙමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා හරින් ප්‍රනාන්දු විපක්ෂ නායකවරයා පැමිණියේ සීතලට අඳින ඇඳුම්-පැලඳුම් වලින් සැරසීගෙනය.
ඌව පළාත් සභාව සීතල හේතුවෙන් ජනවාරි මස 15දා දක්වා කල් තැබීමට කටයතු කිරීම හා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දැක්විමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
"ඌව පළාතේ දැඩි සීතලක් තියෙනවා. ඉතින් මෙවර සාමන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න නංගිලා මල්ලිලාටත් සීතල ඇඳුම් අරන් දෙන්න කියලා මම මහ ඇමතිතුමාට යෝජනා කරනවා. තව නොබෝ දිනකින් උෟව පළාත් සභාවේ පෙරළියක් වෙන බවට පෙරනිමිති තිබෙනවා.
මාධ්‍ය සාකච්ඡා තියෙන අතරතුරදිත් මන්ත්‍රීවරු කෙටි පණිවිඩ යොමුකරමින් අහනවා කවදද එන්න ඕන කියලා. අපට තියෙන්නේ දින පිළිබඳ ප්‍රශ්නයක්. ඌව පළාත් සභාව මේ සති අන්තයේදී හෝ ඊළඟ සතියේදී වෙනස් වෙනවා. " යැයි හෙතෙම සඳහන් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

