බියර් සඳහා සහන දීම සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.
ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය තුළ බියර් හෝ අරක්කු වැනි කිසිදු මත්ද්‍රව්‍යයක් සඳහා සහන ලබාදීම සුදුසු නොවන බවද පැවසූජනාධිපතිවරයා,
“බියර් මිල සම්බන්ධයෙන් වන අයවැය යෝජනාව ගැන අපට විචේචන ආවා. ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය තුළ බියර් වේවා, අරක්කු වේවා ඕනෑම දෙයක් භාවිතය සම්බන්ධයෙන් සහන දීම සුදුසු නොවනබව මා ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒවගේම ඒවාට ජනතාව ඇබ්බැහිවීම වැළැක්විය යුතුයි. රාජ්‍ය ආදායම වර්ධනය කරන්න සිගරට්, අරක්කු, මත්ද්‍රව්‍ය තුළින් අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවිය යුතුයි කියන ප්‍රතිපත්තිය පැහැදිලිවම ක්‍රියාත්මක විය යුතුයි." යනුවෙන්ද කියා සිටියේය.
මෙවර අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04දා) සභාව ඇමතුවේ පළමුවරටය.