පසුගිය කාලයේ සමහර පුද්ගලයින් බලය අයුතු ලෙස භාවිත කළ බවත් එය හිටපු ජනපතිතුමාට බල පෑ බවත් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය. ඊයේ (24දා) සවස මාතර කඹුරුගමුව ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"අද කණ්ඩායමක් ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය යටතේ වැඩ කරගෙන යන අතර තවත් අය රැස්වීම් මාලාවක් තියාගෙන යනවා හිටපු ජනපතිට අගමැතිකම දෙන්න කියලා. ඒකේ වරදක් නැහැ. නමුත් පක්ෂය බෙදෙන් නැතුව දෙගොලලොම එකට එකතු වෙලයි ජන්දයකට යා යුත්තේ.
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තව අවුරුදු 5 ක් මේ රටේ ජනාධිපතිවරයා. අපි කැමති වුණත් අකමැති වුණත් මිනිස්සු පිළිගන්න දේවල් තියෙනවා, ප්රතික්ෂේ්රප කරන දේවල් තියෙනවා. අපි බලය අයුතු ලෙස පාවිචිචි කළොත් මහජනතාව ප්රතික්ෂේ්රප කරනවා. පසුගිය කාලයේ ඒක තමයි වුණේ. එහෙම කරපු නිසා ඒක හිටපු ජනාධිපතිතුමාගේ පිටින් ගියේ"