අමිත් මධුරංග
පසුගිය ආණ්ඩුවේ සිටි මැති ඇමතිවරුන්ට අයත් රජයේ වාහන 300 ක් පමණ යළි බාර නොදීම පිළිබඳව පෙරේදා (04දා) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වී තිබේ.
හිටපු ඇමතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන 02 බැගින් තබාගැනීමට අවස්ථාව ලබාදුන්නද සමහරු මන්ත්‍රීවරුන් වාහන 20කට වඩා තවමත් තබාගෙන සිටින බව එහිදී සාකච්ඡා කෙරී ඇත.
මේ පිළිබඳව සොයාබැලීමේ වගකීම පවරා ඇත්තේ බුද්ධශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය කරු ජයසූරිය මහතාටය. මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වාර්තාවක් සපයන බවට කරු ජයසූරිය මහතා කැබිනට් මණ්ඩලයට පොරොන්දු වී තිබේ.