පල්ලෙකැලෙන් මුත්තයියා නම ඉවත් කළ හැටි හොයන්න - මුරලිගේ පියා කියයි
පල්ලෙකැලේ ක්‍රීඩාංගණය තම පුත්‍රයා විසින් ආරම්භ කළද මේ වනවිට එය කාටත් අමතක වී ඇති බවත්, එහි මුලින්ම තම පුත්‍රයාගේ නම යොදා තිබුණද මේ වනවිට එම නම ඉවත් කර ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගේ පියා වන එස්. මුත්තයියා මහතා සඳහන් කරයි.
පල්ලකැලේ ක්‍රීඩාංගණය පිළිබඳ මතක් කිරීමකදී තම පුත්‍රයාගේ නම හෝ මතක් නොකිරීම දැඩි කනගාටුදායක බවත්, මේ සම්බන්ධව අදාළ නිලධාරීන්ට දැනුම් දෙන ලෙසත් එස්. මුත්තයියා මහත්මා මල්වතු මහා නාහිමියන්ගෙන් ඉල්ලා සිටියේය.
පිරිවෙන් 750ක භික්ෂුන් වහනසේලාට පිරිනැමීම සඳහා යෝග ආචාර්ය එස්.වී.ඒ ජෙයකුමාර් මහතා යෝගා සම්බන්ධව රචනා කරන ලද 'යෝගාසන' නම් කෘතිය එස්. මුත්තයියා මහතා විසින් අද (12දා) මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ වෙත පිරනැමූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.
මේ පිළිබඳ අවශ්‍ය නිලධාරීන්ට දැනුම්දීමක් කරන බව නාහිමියන් තමන් වෙත පැවසූ බවද එස්. මුත්තයියා මහතා මධ්‍ය හමුවේ අදහස් දෙමින් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

