දමන මුස්ලිම් පල්ලියක උත්සවයක ලබාදුන් ආහාර විෂ වී පුද්ගලයන් තිදෙනෙකු මිය යෑමේ සිද්ධියට අදාළව එදින පල්ලියේ ආහාර පිසූ අරක්කැමියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ආහාර විෂ වීමෙන් 600කට ආසන්න පිරිසක් රෝහල්ගතව ප්රතිකාර ලැබීය.
අරක්කැමියන් දෙදෙනා පෙරේදා (07දා) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊයේ (08දා) අම්පාර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කරන ලදී කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට ඔවුන්ට නොහැකි වීම හේතුවෙන් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර අතර නඩුව නැවතත් මැයි මස 03 දා කැඳවීමට නියමිතය.