පලතුරු එම ශාක තුළම කල් තබා ගැනීමේ විශේෂිත BIO WAX නම් විද්‍යාත්මක ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සමත්ව ඇත.
දේශීයව නිපදවන පලතුරු අස්වැන්න එම වාරයේදී එකවර ලැබීමේදී, වෙළෙඳපල දක්වා පැමිණීමේදී සහ වෙළෙඳපල තුළදී අපතේ යන ප්‍රමාණය අවම කිරීමට මෙම විද්‍යාත්මක ක්‍රමය නිර්මාණය කර තිබේ.
පලතුරු වගාවන් ආශ්රිත කෘෂි ක්ෂේත්රයෙහි නියැලෙන්නන්ට මෙම නව නිෂ්පාදනය ලබාදීමට අපේක්ෂා කරන බවත් නව සොයා ගැනීම පලතුරු ආශ්රිත කෘෂි ක්ෂේත්රයෙහි නව පෙරළියක් සිදු කරනු ඇති බවත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.