පරෙවියන් සොරකම් කළ තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමේ පරෙවියන් සොරකම් කළ බවට පැවසෙන පුද්ගලයන් පස්දෙනෙකු ඊයේ (20දා) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔවුන්ගෙන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත්, දෙදෙනෙකු ඇපමත මුදාහැරීමටත් මඩකලපුව දිස්ත්රික් වැඩබලන විනිසුරු එස්.තියාගේස්වරන් මහතා නියෝග කළේය.
අත්අඩංගුවටගත් තරුණයන් සන්තකයේ තිබී පරෙවියන් 82ක් මුදාගත් බවට කාත්තාන්කුඩි පොලීසිය සඳහන් කර සිටියේය.
මොවුන් පරවියන් සොරකම් කිරීමට යොදාගත් බවට සැකකරන ලොරියද පොලිස් බාරයට ගෙන ඇත.
කල්ලඩියේ නිවාස දෙකකින් හා මඩකලපුවේ වෙළෙඳසැල් දෙකකින් මෙම පරෙවියන් සොරා ගෙන ඇති බව පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ බවට පැවසෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කටයුතු සිදුකරන බව කාත්තාන්කුඩි පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කාත්තාන්කුඩි පොලීසිය මගින් සිදුකරයි.
මඩකලපුව - ජවුෆර්කාන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

