පරිසරයට හානි නොවන ආකාරයට ගල් අඟුරු බලාගාර පිහිටුවීම පිළිබඳව ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ එකඟතාවය දක්වා ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් සමග පසුගිය බදාදා පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙලෙස එකඟත්වය දැක්වා ඇත.
ගල් අඟුරු බලාගාරයක් පිහිටුවීමේදි පරිසරයට අළු මිශ්රවීම තර්ජනයක් වන නිසා එය වළක්වා ගල් අඟුරු බලාගාරයක් පිහිටුවීමේ දියුණු තාක්ෂණයක් පවතන බව ජනාධිපතිවරයාට පෙන්වා දීමෙන් පසුව ජනපතිවරයා මෙම එකඟතාව දක්වා තිබේ.
දයාසීලි ලියනගේ