පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අලුතෙන් දුන් නියෝගය
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අතුරුදන් වී ඇති දුරකතන සංවාද පටිගත කිරීම්වල අනුක්‍රමික අංක (Serial Number) හතර ඇතුළු තොරතුරු සොයා බලා ලිඛිතව කොමිසමට දැනුම් දෙන ලෙස කොමිසමේ සභාපති විනිසුරුවරයා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ පද්ධති කළමනාකරු සචින් දේවතන්ත්‍රි මහතාට නියම කළේය.
2015 ජුනි 08 වැනිදා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ දුරකථන සංවාද පටිගත කිරීම්වල අනුක්‍රමික අංක (Serial Number) 04 ක් අතුරුදන් වී ඇති බවත්, ඊට හේතුව තමන් නොදන්නා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පවුපල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ පැවසූ අවස්ථාවේදී කොමිසමේ සභාපති විනිසුරුවරයා එලෙස නියම කළේය.
2015 පෙබරවාරි මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

