සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා විසින් අධක්ෂණය කරන ලද ‘පරසතුමල්’ චිත්රපටයේ නිශ්පාදක චිත්රා බාලසුරිය මහතාගේ අවසරයකින් තොරව තිස්ස නාගොඩවිතාන මහතා විසින් එහි පිටපත් රූපවාහිනී නාලිකා වල ප්රදර්ශණය කරමින් මුදල් ඉපයීම බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් බව තීරණය කළ කොළඹ වාණිජ මහාධිකරණයේ විනිසුරු ගාමිණි අමරසේකර මහතා රුපියල් ලක්ෂ 15ක වන්දියක් චිත්රා බාලසුරිය මහතාට ගෙවන ලෙස තිස්ස නාගොඩවිතාන මහතාට නියම කළේය.
‘පරසතුමල්’ චිත්රපටයේ අයිතිය ඇත්තේ එහි නිශ්පාදක චිත්රා බාලසුරිය මහතාට බවද තීරණය කළ විනිසුරුවරයා ‘පරසතුමල්’ චිත්රපටයේ පිටපත් මහජන ප්රදර්ශණය කිරීම හෝ වෙනත් වාණිජ කටයුතු වල යෙදවීමෙන්ද තිස්ස නාගොඩවිතාන මහතා ස්ථීර ලෙසම තහනම් කළේය.
‘පරසතුමල්’ චිත්රපටය තම අවසරයකින් තොරව රූපවාහිනී නාලිකා වල ප්රදර්ශණය කරමින් චිත්රපට සංරක්ෂකයෙකු බව කියන තිස්ස නාගොඩවිතාන නමැත්තා විසින් මුදල් උපයන බවත් ඉන් තමන්ගේ ආර්ථිකමය සහ සදාචාරාත්මක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් පවසමින් චිත්රපට නිශ්පාදක චිත්රා බාලසුරිය මහතා විසින් බුද්ධිමය දේපළ පනත යටතේ ගොනු කර තිබු මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස තිස්ස නාගොඩවිතාන මහතා නම් කොට තිබිණි.