පබ්ලිස් සිල්වාගේ මහාසූපවංශය එළි දකියි
ජ්‍යෙෂ්ඨ සුපවේදී දේශබන්දු, ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා විසින් සම්පාදනය කරන ලද "මහාසූපවංශය" ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා විසින් වසර 40 ක් පුරා සිදු කරන ලද පර්යේෂණයක හා අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස දේශීය ආහාරයේ රස ගුණ සහ ඔසු ගුණ කැටිකර ගනිමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.පිටු දහසකින් සමන්විත මෙම ග්‍රන්ථය තුළින් අපේ රටට ආවේණික ආහාරමය ශාක, පලතුරු, අල වර්ග, එළවළු වර්ග 1450 ක් පමණ හදුන්වා දී තිබීම විශේෂත්වයකි.
ග්‍රන්ථයේ මුල් පිටපත ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද, අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ප්රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද කථානායක කරු ජයසූරිය, අමාත්‍ය එස්.බී. නාවින්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

