(UPDATE) පනාපිටිය බොල්ගොඩ වේල්ල අවධානම් තත්ත්වයක පවතින බව සඳහන් කළත් එය 100% ක් ආරක්ෂිත බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පනාපිටිය බොල්ගොඩ ජලාශය හරස්කොට ඇති ආරක්ෂක වේල්ල කැඩීයාමේ අවධානමක් ඇති හෙයින් පානදුර දකුණ, පානදුර උතුර, වාද්දූව, බණ්ඩාරගම, මොරොන්තුඩුව, අඟුරුවාතොට ප්රදේශවල ගංවතුර අවධානමක් ඇති බව පොලීසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් මෙම ප්රදේශවල ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස පොලීසිය එම ජනතාවගෙන් ඉල්ලා සිටී.