මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත් මූණමල්ප ප්‍රදේශයේ මහාබෝධි සමාගමට අයත් මැණික්වත්ත ඉඩමේ තිබූපස් කියුබ් 6000කට වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධීව කපා විකුණා ඇතැයි ගම්වාසීහු චෝදනා කරති.
අදාළඉඩමේ තිබූ පස් නීතිවිරෝධීව මාර්ග සංවර්ධනයට යොදාගෙන ඇති අතර, එම පස් කැපූභූමිය ශ්‍රී ලංකා මහාබෝධි සමාගමට අයත් වූවකි.
එම භූමියෙන් පර්චස් 76 ක පමණ ප්‍රමාණයක් කඩොල්ගල්ල ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයට තෑගි ඔප්පුවක් මගින් පූජාකර ඇති අතර, එම භූමියේ කොටසක මීට ඉහත ප්‍රජා ශාලාවක් පවත්වාගෙන ගොස් තිබේ.
අදාළ විහාරස්ථානයට අයත් භූමියේ තිබූ පස් කූට ලෙස සැකසූ බලපත්‍රයක් මගින් කපා විකුණා මාර්ග සංවර්ධනයට යොදාගෙන ඇති අතර,එම මුදල් අවභාවිත කර ඇතැයි මූණමල්ප ගම්වාසීහු චෝදනා කරති.