මාර්ග නීති කඩකරමින් මාර්ගයේ ගමන් කළ ලක්ෂ හතරකට අධික පදිකයන් පිරිසකට පසුගිය වසරේදී මාර්ග නීති පිළිබඳව වැඩමුළු පවත්වා තිබෙන බව රථවාහන පොලීසිය සඳහන් කරයි.
සමස්තයක් ලෙස රට පුරා පොලිස් ස්ථාන මගින් දිනකට දහසකට අධික පදිකයන් ප්‍රමාණයකට මාර්ග නීති පිළිබඳව දැනුවත් කිරීම සිදුකරන බව රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසීය.