පළාත් පාලන මැතිවරණයේදී ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂ ලේකම්වරුන් හා දිස්ත්රික් ලේකම්වරුන් සමග විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මේ අනුව පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීම මේ මස 27 වැනිදාත්, දිස්ත්රික් ලේකම්වරුන්ගේ රැස්වීම මේ මස 28 වැනිදාත් පැවැත්වීමට කටයුතු කර ඇත.
පක්ෂ ලේකම්වරුන් සමග පක්ෂවලින් සිදුකරන මැතිවරණ කටයුතු හා මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.