පළාත් පාලන මැතිවරණයට අදාළව පිහිටුවා ඇති පක්ෂ කාර්යාල රාත්‍රී කාලයට විදුලි බුබුළුවලින් සැරසීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයි කළුතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා කළුතරදීකියා සිටියේය.
කළුතර දිස්ත්‍රික්යේ පළාත් පාලන ආයතනවලට තරගවදින අපේක්ෂකයන්ට මැතිවරණ නීතිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමකදී ඒ මහතා ඊයේ (04දා) මේ බව කීය.
සමහර පක්ෂවල නාම පුවරු තොරණ මෙන් විදුලි බුබුළුවලින් අලංකාර කර ඇතැයිද, එසේ කිරීම තහනම් කර ඇතැයිද ඒ මහතා පැවසීය.
කළුතර සුනිල් එස්. තන්ත්රිආරච්චි